Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile
Dulanga Thathswari

@thathswarii

poetry🕊️ || follow my fb page♥️
facebook.com/profile.php?id…

ID: 1634546266465001473

calendar_today11-03-2023 13:27:57

148 Tweet

605 Takipçi

58 Takip Edilen

Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

මහා සැඩ සුළඟට කුඩා ගස් වැටුණට මුදුන් මුල සවි වුණ විසල් රුක් කිසිදින සෙලවුණේවත් නැත! #Thathswari

Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

When Senaka Batagoda says, "මඟ බලා සිටින දේවල් මතු වෙලා ළඟට එන්නට හීනවලට පණක් තියෙනවා!" I felt it. ♥️

Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

හැමදාම ලෝකේ එකතු වුණේ ධන ඍණ, හරියට ලාවා බඳු හදවතකට මින්ට් රසැති ප්‍රේමයක් වගේ! #thathswari

Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

පාළු කතරක තනිව පිපුණු මල පතොක් වී හැඩ බලන්නට කවුද සිටියේ මා ළඟට වී තනිපංගලමේ පිපී කතරකට සුවඳ දී වාරු නැති ජීවිතේ මම මට ම වාරු වී වැසි වැටෙනතුරු යොමා පරතෙරට නෙත් කෙමී පරව යන දා කුමට කවුරුවත් ළඟ රැඳී.. #thathswari

Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න. " ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?" " නෑ. මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්." " ඒ කොහොමද?" " ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම නරකම කෙනා වෙලා ඉන්නකොට." ~ ලයිලැක් ~

මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.
" ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?"
" නෑ. මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්."
" ඒ කොහොමද?"
" ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම නරකම කෙනා වෙලා ඉන්නකොට."

~ ලයිලැක් ~
Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

ආදරෙයි කිව්ව ගොඩක් අයට ආදරේ කරන්න අමතක වුණා, ආදරේ කරපු ගොඩක් අයට ආදරෙයි කියන්න අමතක වුණා! #Thathswari

ආදරෙයි කිව්ව ගොඩක් අයට
ආදරේ කරන්න අමතක වුණා,
ආදරේ කරපු ගොඩක් අයට
ආදරෙයි කියන්න අමතක වුණා!

#Thathswari
Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

මෙහෙම ලිව්වම මේක කවියක් නෙවෙයි හැබැයි, මෙහෙම ලිව්වම මේක කවියක්!

Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

හවස හය හතට බෝ ගහේ යටට එන වැඩ ඇරී වැඩට යන ගෑනු ඇති මහ ගොඩක්!

හවස හය හතට
බෝ ගහේ යටට එන
වැඩ ඇරී වැඩට යන
ගෑනු ඇති මහ ගොඩක්!
Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

ඇඟිලි තුඩු හෙමි හෙමින් දැවටෙද්දි කෙස් අගින් උඹේ ඇස්වල කඳුළු ඉනුවෙ ඇයි දැන දැනත්, නොයා ඉනු බැරි කමට යන්න මට අවසරයි තබා යන්නම් නුඹට කැනියුලා දිලිසුමක්!

ඇඟිලි තුඩු හෙමි හෙමින්
දැවටෙද්දි කෙස් අගින්
උඹේ ඇස්වල කඳුළු
ඉනුවෙ ඇයි දැන දැනත්,

නොයා ඉනු බැරි කමට
යන්න මට අවසරයි
තබා යන්නම් නුඹට
කැනියුලා දිලිසුමක්!
Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

මියැදිච්ච අතීතේ අහු මුලු ගොඩගැසුණු මතක පොදි කළු සුදු වචනයෙන් කියන්නට බැරි වුණු දුක් සුසුම් කඳුළුවල හිර වුණු පින්තාරු කරන්නට අද දිනේ දිය කරමු කඳුළු බිඳු සායමේ අතීතය තියා විත් අතීතේ සිනාසෙමු සුසුම් හැර නිදහසේ! ~ තත්ස්වරී ~

මියැදිච්ච අතීතේ අහු මුලු
ගොඩගැසුණු මතක පොදි කළු සුදු
වචනයෙන් කියන්නට බැරි වුණු
දුක් සුසුම් කඳුළුවල හිර වුණු

පින්තාරු කරන්නට අද දිනේ
දිය කරමු කඳුළු බිඳු සායමේ
අතීතය තියා විත් අතීතේ
සිනාසෙමු සුසුම් හැර නිදහසේ!

~ තත්ස්වරී ~
Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

පෙම්කතා මුමුණද්දි හන්තාන නමුණුකුල පෑරුණා මතකයන් එකින් එක බොඳව ගිය සිහිවුණා විඳි සුවය නිදි නේනදා රෑක වියැලෙද්දි හෙමි හෙමින් දෙතොල් පෙති නුඹ තෙමුව කෝටියක් තරුපොකුරු සැරසුවත් රෑ අහස ලස්සනක් තිබුණෙ නෑ සඳේ මට නුඹ නැතුව මිලින වී ගිය සඳේ ආයෙමත් පායන්න අමාවක සිත්අහස ආදරෙන් සනසන්න!

පෙම්කතා මුමුණද්දි 
හන්තාන නමුණුකුල 
පෑරුණා මතකයන් 
එකින් එක බොඳව ගිය

සිහිවුණා විඳි සුවය
නිදි නේනදා රෑක
වියැලෙද්දි හෙමි හෙමින්
දෙතොල් පෙති නුඹ තෙමුව

කෝටියක් තරුපොකුරු 
සැරසුවත් රෑ අහස
ලස්සනක් තිබුණෙ නෑ
සඳේ මට නුඹ නැතුව

මිලින වී ගිය සඳේ
ආයෙමත් පායන්න
අමාවක සිත්අහස
ආදරෙන් සනසන්න!
Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

දයාබර පෙම්වත, මා නුඹව විඳින තැන විඳවමි, විඳ සතුටු වන තැන දුක් වෙමි, එක් ස්පර්ශයකින් නිවෙමි නිවී යන තැන ම ඇවිලෙමි, එක් බැල්මකින් මුසපත් වෙමි ඒ බැල්මෙන් ම ගිනිගෙන දැවෙමි, ඉතින් සොඳුර, මා නුඹව තදින් අල්ලාගනිමි ඒ සෑමවිට ම.. මම නුඹව සෙමෙන් අත් හරිමි..   ~ තත්ස්වරී ~

දයාබර පෙම්වත,
මා නුඹව 
විඳින තැන විඳවමි,
විඳ සතුටු වන තැන දුක් වෙමි,
එක් ස්පර්ශයකින් නිවෙමි
නිවී යන තැන ම ඇවිලෙමි,
එක් බැල්මකින් මුසපත් වෙමි
ඒ බැල්මෙන් ම ගිනිගෙන දැවෙමි,

ඉතින් සොඳුර,
මා නුඹව තදින් අල්ලාගනිමි
ඒ සෑමවිට ම..
මම නුඹව සෙමෙන් අත් හරිමි.. 

  ~ තත්ස්වරී ~
Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

"අසම්පූර්ණ ගැහැනු සැනසුම් නොලබති, පරිපූර්ණ ගැහැනු ප්‍රේමය නොවිඳිති ගැහැනු, සපුරාම මුද්‍රණ දෝෂයකි!"

Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

මහ රෑක වැහි පොදී වැටෙනකොට හිත තෙමී බොඳව යන සිතුවිලී පාරවයි හද පිරී හුස්ම උණුසුම් වෙවී අපිට අපි උන් හැටී සීතලට බර වෙවී තනිය තනි වූ හැටී දුරක අද පා වෙවී මතක අමතක නොවී හිස් වෙච්ච හිත් ඉමේ තනිව ඇවිදන් යමී! ~ තත්ස්වරී ~

Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

දුර ගියත් දුර නොගිය, මඟ රැඳී මගහැරුණ, පෙම් නොකළ ප්‍රේම කළ, සොඳුරු පෙම්වතිය නුඹ! ~ තත්ස්වරී ~

දුර ගියත්
දුර නොගිය,
මඟ රැඳී
මගහැරුණ,
පෙම් නොකළ
ප්‍රේම කළ,
සොඳුරු 
පෙම්වතිය 
නුඹ!

~ තත්ස්වරී ~
Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

වැහි ඉල්ලලා පතොක් මලුත් අඬන්න ඇතී! නොලැබෙන බව දැනුණ ම පරවෙන්න ඇතී! ~ තත්ස්වරී ~

Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

ටජ්මහල කියන්නේ ආදරේ ප්‍රතිමූර්තිය ලු! ඒත්, මමනම් ඒක දකින්නේ 'පසුතැවීමේ ප්‍රතිමූර්තියක්' විදියට.. සහජාන්, මුම්ටාස් වෙනුවෙන් ටජ්මහල හැදුවා, ලෝකයක් දැක්කා ලෝකයක් රසවින්දා. හැබැයි දකින්නම ඕනෙ කෙනා ඒ වෙද්දි හිටියද? ඉන්න කාලයේ නොකළ ප්‍රේමය, නොපෙන්වූ ප්‍රේමය, නැති කාලයේ පෙන්වා කුමටද!