Teamමාෂිහේමපාල Official 𝕏 🌸 (@lassanapothak) 's Twitter Profile
Teamමාෂිහේමපාල Official 𝕏 🌸

@lassanapothak

#Books #reviews #stories #BookPublisher Book Launch Events | #ලස්සනපොතක් #Teamලස්සනපොතක්

ID: 1136967053548503041

linkhttp://lasqqsanapothak.rf.gd calendar_today07-06-2019 12:04:04

1,1K Tweet

1,1K Followers

938 Following

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

Bjorn Berg ගේ ආකර්ශණීය සිතුවම් පෙළක් ද සහිතව ඒ ඒ සිදුවීම් දිගහැරෙන ආකාරයත් අපූරුවට පෙන්වන කෘතියකි. ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ කවරය - ඉන්ද්‍රනාථ තේනුවර උචිත බව - සරල ආකාරයට ලියැවුණ ළමයෙකු වටා ගෙතෙන ජීවන අත්දැකීම් පෙළක් රසවිඳීමට කැමති සහෘද පාඨකයන්ට

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

#ThoughtfulThursday සිපිරි ගෙයක වසර හයක් සිරකරුවෙකුගේ මතක සටහන් සහ සිරගෙදරදී ඇඳි සිතුවම් චාල්ස් දයානන්ද මහතාගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියැවුණු කෘතියකි.

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

සිරගෙදර අමිහිරි, අසුන්දර, දුඃඛදායක අත්දැකීම් සමුදායකට මුහුණදුන් දේශපාලන සිරකරුවෙකුගේ අතීතාවර්ජනයක් ලෙස චාල්ස් දයානන්ද මහතා විසින්ම සිය අත්දැකීම් රචනා කර, සිරගත වූ කාල සමයේදී ඇඳි සිතුවම් රැසකින්ද සමන්විත වූ සංවේදී සිදුවීම් සහ දසුන්වලින් පිරි ආත්ම ප්‍රකාශිත කෘතියකි.

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

තම දේශපාලන මතවාදය නිසාම සිරගත වූ ඔහුට, ඔහු තුළ ජීවත් වූ සංවේදී සහ කලාකාමී මිනිසාව නිදහස් කරලීමට මෙම කෘතිය ඉවහල් වී ඇති බව, පාඨකයෙකු ලෙස මගේ මතයයි. ප්‍රකාශනය - අගහස් ප්‍රකාශන කවර නිර්මාණය - ලසන්ත කරුණාරත්න පරිගණක පිටු සැකසුම - ෆාස්ට් පබ්ලිකේෂන්

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

උචිත බව - කටුක සිරගත අත්දැකීම් විඳගැනීමට තරම් සවිමත් මනසක් ඇති සහෘද පාඨකයන්ට මිල - රු. 650/- පිටු - 186 ISBN 978-955-0230-05-1 #ලස්සනපොතක් #Book

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

#ThoughtfulThursday චයිනමන් ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය ශෙහාන් කරුණාතිලක විසින් රචිත කුළුඳුල් නවකතාව වන චයිනමන්, දිලීප අබේසේකරගේ සිංහල අනුවාදයකි. කෙටි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ, පසුව අතුරුදන් වූ වමත් දඟපන්දු යවන්නෙකු සොයා යන

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

මාධ්‍යවේදියෙක් වටා ගෙතෙන, සත්‍ය ක්‍රීඩකයන් සහ සත්‍ය සිදුවීම් සමග ප්‍රබන්ධාත්මක චරිත සහ සිදුවීම් මිශ්‍ර කරමින් අපූර්ව වූ කුඩා පරිච්ඡේද සැකැස්මට ලියැවුණු සාහිත්‍ය සම්මාන රැසක් ද දිනූ ග්‍රන්ථයකි. පාඨකයා අතරමං වන සුළු ගලා යාමක් පොතේ අන්තර්ගත වුවද රසවිඳිමින්

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

කියවාගෙන යන විට හරිම අපූර්වත්වයක් දැනේන, එමෙන්ම මනසට වැටෙන ගැට සංයමයෙන් යුතුව ලිහා ගත යුතු ස්වභාවයක්ද ඒ රචනා ශෛලිය තුළ අන්තර්ගතයි. ලේඛකයාගේ ප්‍රතිභාවත් අනුවාදයේ හැඩගැස්වීම් සමග තව තවත් පාඨකයාට සමීපස්ථ අත්දැකීමක් මෙයින් ලබා දෙයි. විටෙක ලේඛකයා, අනුවාදකයා ගැන

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

කතා කළ අවස්ථාවකදී මෙය ශ්‍රී ලාංකීය පාඨකයාට දැනෙන අයුරින් අනුවාදය සකස් කිරීම සම්බන්ධව බෙහෙවින් අගයමින් අදහස් දැක්වූ බවද සත්‍යයකි. අතුරුදන් වූ ඒ විශිෂ්ට ක්‍රීඩකයාගේ ඉරණම කුමක්ද? මාද්‍යවේදියාගේ ගවේශණය සාර්ථකයිද? රහස් බංකරයට සිදු වූයේ කුමක්ද? ත්‍රස්තවාදී සාමාජිකයාගේ සම්බන්ධය කතාවට

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

කෙසේ බලපායිද? මෙවැනි ගැටලු රැසක් මතුකරමින්, එවා විසඳාගැනීමත් පාඨකයාට බාර කරන මේ ග්‍රන්ථය කියවීම වටිනා අත්දැකීමක් වනු නොඅනුමානය. අවසාන වශයෙන් කිව හැක්කේ, එකවර සියල්ල උකහා ගැනීම පසෙකින් තබා පියවරෙන් පියවර ගොඩනංවන කතා තේමාවක් නිසා පාඨකයාට

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

වෙනස්ම වූ අත්දැකීමක් ලබාගත හැකි නවකතාවකි චයිනමන්. ප්‍රකාශනය : ඩයජිනිස් (පුද්ගලික) සමාගම කවර නිර්මාණය : විජේසිරි මතුගම ඇතුළත රූ සටහන් : ලලිත් කරුණාතිලක ඡායාරූප සංස්කරණය : රසල් මිරැන්ඩා සහ දක්ෂිත් වැකුණාගොඩ

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

උචිත බව : ගවේශණාත්මක ප්‍රබන්ධ රචනයට ලැදි, ක්‍රිකට් දන්න හෝ නොදන්න සහෘද පාඨකයන්ට ISBN : 978-955-7719-00-9 පිටු : 328 මිල : රු. 695/- #ලස්සනපොතක් #Book

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

#ThoughtfulThursday මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ "මැයි මාර ප්‍රසංගය" ග්‍රන්ථය මට දැනුනු ආකාරය අනුසාරයෙන් ගී පද රචනා කොට Suno Ai ඔස්සේ අවශ්‍ය සංගීත රසයන් මුසු කරමින් generate කළ ගීතයකි.❤️ අවාරේ පිපි මැයි මාර හින්දා....🎶 #ලස්සනපොතක් #මැයිමාරප්‍රසංගය #Book

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

#SaturdayScenery සාහිත පාඨක සමූහය (Literary Readers' Group) දෙවන ග්‍රන්ථ විචාරක සැසිය චාල්ස් දයානන්ද මහතා විසින් රචිත "මම අහස වෙමි" නවකතාව ගැන 2025 දෙසැම්බර් 11 වන බ්‍රහස්පතින්දා සවස 7 සිට මොරටුවැල්ල බෞද්ධ මධ්‍යස්ථාන ධර්මශාලාවේදී සාර්ථකව පැවැත්වීමට අපට හැකි වුණා. ❤️1 #ලස්සනපොතක්

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

#SaturdayScenery සාහිත පාඨක සමූහය (Literary Readers' Group) දෙවන ග්‍රන්ථ විචාරක සැසිය චාල්ස් දයානන්ද මහතා විසින් රචිත "මම අහස වෙමි" නවකතාව ගැන 2025 දෙසැම්බර් 11 වන බ්‍රහස්පතින්දා සවස 7 සිට මොරටුවැල්ල බෞද්ධ මධ්‍යස්ථාන ධර්මශාලාවේදී සාර්ථකව පැවැත්වීමට අපට හැකි වුණා. ❤️2 #ලස්සනපොතක්

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

#ThoughtfulThursday චේතන් භගත් විසින් රචිත Revolution 2020 ග්‍රන්ථය අනුසාරයෙන් දිලීප ජයකොඩි විසින් පරිවර්තිත "දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ" ග්‍රන්ථය මට දැනුනු ආකාරය ඔස්සේ ගී පද රචනා කොට Suno Ai ඔස්සේ අවශ්‍ය සංගීත රසයන් මුසු කරමින් generate කළ ගීතයකි. ❤️ #ලස්සනපොතක්

සිදුවීම් මාලාවක් වටා ගෙතෙන අපූරු නවකතා පොතකි. මා බොහෝ වාර ගණනක් කියැවූ මෙම පොත, අත්දැකීම් සටහන් කරණයට යමෙකු පෙළඹවීමෙහිලා උනන්දුව ඇති කරවන සුළු කතා ගලායාමක් තිබීම විශේෂිත දෙයකි.

M. J. J. Namal Dias (@mjjnamaldias) 's Twitter Profile Photo

ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ කවර නිර්මාණය - NEWTON මුද්‍රණය - එඩ්නේ එන්ටප්‍රයිසස් (ප්‍රයිවට්) ලිමිටඩ් උචිත බව - ශතවර්ෂ කිහිපටකට ඉහත දී දූපතක අතරමං වූ මිනිසෙකුගේ කටුක ජීවිත අත්දැකීම් දරා ගත හැකි සහෘද පාඨකයන්ට මිල - රු. 65/- පිටු - 146 ISBN 955-20-1644-4 #ලස්සනපොතක්